Gossips

මෝදි, විශ්වාසභංගය ජය ගනී

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජයට එරෙහිව ඉදිරිපත් කෙරුණු විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව ඉන්දීය ලෝක් සභාවේදී ඊයේ පරාජයට පත්වුණා.
විශ්වාසභංගය ඉදිරිපත් කෙරුණේ ආන්ද්‍ර ප්‍රදේශ් මහඇමති චන්ද්‍රබාබු නායිදුගේ මැදිහත්වීමෙන්.
ඊට රාහුල් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂය මූලිකත්වය ගෙන කටයුතු කළා.
කෙසේ නමුත්, පැය 12ක දීර්ඝ විවාදයකින් අනතුරුව පැවති ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් 451 දෙනෙකුගෙන් සමන්විත ලෝක් සභාවේ මන්ත්‍රීවරුන් 325 දෙනෙකු විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.
ඊට පක්ෂ වූයේ මන්ත්‍රීවරුන් 126 දෙනෙකු පමණයි.
ඒ අනුව නරේන්ද්‍ර මෝදිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට තුනෙන් දෙකක ජයක් හිමි වනවා.
විශ්වාසභංගය සඳහා වූ ඡන්ද විමසීමේදී තෙලංගානා ප්‍රාන්තයේ පාලක පක්ෂය මෙන්ම තමිල්නාඩුවේ පාලක ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය ද මෝදි රජයට සහය පළ කිරීම විශේෂත්වයක්.