Gossips

මෝදි රජයට එරෙහිව අද විශ්වාසභංගයක්

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධාන රජයට එරෙහිව විපක්ෂය විසින් අද විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනු ලබනවා.
එය මෝදි රජය මුහුණදෙන ප්‍රථම විශ්වාසභංගයයි.
රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම ආරම්භ වූයේ ආන්ද්‍ර ප්‍රදේශ ප්‍රාන්තය විශේෂ වරප්‍රසාද ඉල්ලා සිටීමෙන්.
මෝදිගේ සන්ධානයට ආසන 533 කින් සමන්විත ඉන්දීය පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමිව ඇති අතර, රාහුල් ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රස් පක්ෂය පවසන්නේ විපක්ෂයේ බලය අවතක්සේරු නොකළ යුතු බවයි.
කෙසේ නමුත්, මෝදිගේ භාරතීය ජනතා පක්ෂය මෙම විශ්වාසභංගය විශාල බහුතරයකින් ජය ගැනීමට මෙන්ම, එය 2019 මහ මැතිවරණය සඳහා සිය ප්‍රචාරක ව්‍යාපාරය දියත් කිරීමේ අවස්ථාව කර ගැනීමට ද අපේක්ෂා කරනවා.