Gossips

මෝදි, යළි අගමැති ධුරයට පත්වන ලකුණු

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණයේදී යළිත් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වනු ඇති බව බහුතරයක් ඉන්දියානුවන්ගේ විශ්වාසය වී තිබෙනවා.
ඒ බව හෙළිදරව් වී ඇත්තේ ඉන්දීය මාධ්‍ය ආයතනයක් සහ නීල්සන් ඉන්දියා ආයතනය මගින් පැවැත්වූ මත සමීක්ෂණයකින්.
ඒ සඳහා පනස් හතර ලක්ෂයක් ඉන්දියානුවන්ගේ අදහස් විමසා ඇති අතර, ඉන් සියයට 63ක්ම ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍ය මෝදි කෙරෙහි තමන් තුළ විශ්වාසය පවතින බවයි.
2014 වසරේ ඔහු බලයට පත්වන විට ද පැවතුණේ මීට සමාන ජනප්‍රියත්වයක්. එමෙන්ම මෝදිගේ දෙවන ධුර කාලයේදී ඉන්දියානුවන්ගේ අනාගතය උදෙසා වැඩි යමක් සිදුවනු ඇතැයි සියයට 50ක් ඉන්දියානුවන් විශ්වාස කරන බව සමීක්ෂණයෙන් හෙළි වී ඇති තවත් කරුණක්.
එහිදී ප්‍රකාශ වී ඇති පරිදි කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධිට පවතින්නේ සියයට 17ක ජනප්‍රියත්වයක්. එහෙත් මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රලාපයක් සේ බැහැර කරන බව කොංග්‍රස් පක්ෂය කියා සිටියා.