Gossips

මෝදි මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට චෝදනා

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මැතිවරණය පැවැත්වෙද්දී නේපාලයේ හින්දු දේවස්ථානවල සංචාරය කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට කොංග්‍රස් පක්ෂය චෝදනා කරනවා.
ඔහු නේපාලයේ දෙදින සංචාරයක් සඳහා නික්මුණේ කර්ණාටක ප්‍රාන්තයේ දැවැන්ත මැතිවරණ රැළි රැසක් ඇමතීමෙන් අනතුරුවයි.
මෙය ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණයට පෙරහුරුවක් ලෙසයි සැලකෙන්නේ.
පස්වරු 3 වනවිට මිලියන 49 ක් වූ කර්ණාටක ප්‍රාන්ත ඡන්ද දායකයන්ගෙන් සියයට 56 ක් ඡන්දය ප්‍රකාශ කර තිබූ බව සදහන්.