Gossips

මෝදි තවමත් ඉදිරියෙන්

මැතිවරණ වසරේදී ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධිට වඩා ඉදිරියෙන් සිටින බව ජනමත සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඉන්දීය රූපවාහිනී සේවාවන් මගින් පැවැත්වූ එම මත සමීක්ෂණ දෙකකින්ම ප්‍රකාශ වී ඇත්තේ මෝදිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මෙවර මැතිවරණයෙන් ආසන 285ක් හිමි කර ගනු ඇති බවයි.
එය ආසන 13ක සුළු බහුතරයක් ලෙස සැලකිය හැකියි.
මෙම මත සමීක්ෂණ මාර්තු මාසයේ පළමු සතියේ සිදුකර ඇති අතර, එය පාකිස්තාන බලකොට් ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් පසුව සිදුකිරීම විශේෂත්වයක්.
කෙසේ නමුත්, එම ගුවන් ප්‍රහාරයට පෙර පසුගිය දෙසැම්බරයේ පැවති මත සමීක්ෂණයෙන් ද මෝදිගේ සන්ධානයට ආසන 281ක් හිමි වන බව ප්‍රකාශ වුණා.
ඒ අනුව ගුවන් ප්‍රහාරයෙන් මෝදිට දේශපාලන වාසියක් හිමි වී නොමැති බව ඉන්දීය මාධ්‍යවල අදහසයි.