Gossips

මෝදි අධිවේගී මාර්ග දෙකක් විවෘත කරයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අද නව අධිවේගී මාර්ග දෙකක් විවෘත කළේ විශාල ජනකායකගේ සහභාගීත්වයෙන්.
දිල්ලිය සහ මීරුට් අතර කිලෝමීටර් 135ක් දිගැති අධිවේගී මාර්ගය එලෙස විවෘත කළ පළමු වැන්නයි.
එය මං තීරු 14කින් යුත් ප්‍රථම ඉන්දීය අධිවේගී මාර්ගයයි.
ඒ සඳහා වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 7500ක්.
ඊට අමතරව ගාසියාබාද් සහ පල්වාල් නගර අතර කිලෝමීටර් 82ක් දිගැති දෙවැනි අධිවේගී මාර්ගය අග්‍රාමාත්‍ය මෝදි අද (27) විවෘත කරනු ලැබුවා.
මාර්ග සංඥා නොමැති එය ඉන්දියාවේ ප්‍රථම හරිත අධිවේගී මාර්ගයයි.
සූර්ය බලශක්තිය සහ එක්රැස් වැසි ජලය යොදා ගන්නා ප්‍රථම ඉන්දීය අධිවේගී මාර්ගය ද එය වනවා.