Gossips

මෝදිගේ රජයට එරෙහිව විශ්වාසභංගයක්

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලක සන්ධානයේ දකුණු ඉන්දියානු සහායක පක්ෂයක් වන තෙළිඟු දේසම් පක්ෂය ඉන් ඉවත් වී තිබෙනවා.
එහි නායක ආන්ද්‍ර ප්‍රදේශ් මහඇමති චන්ද්‍රබාබු නායිදු ප්‍රකාශ කළේ භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්ත ජනතාවගේ අපේක්ෂාවන්ට පටහැනිව කටයුතු කර ඇති බවයි.
එමෙන්ම, තමාට එරෙහිව ප්‍රාන්තය තුළ භේද ඇති කරන බවට ද ඔහු චෝදනා කළා.
තෙළිඟු දේසම් පක්ෂයට ඉන්දීය ලෝක් සභාවේ ආසන 16 ක් හිමිවී ඇති අතර, එහි සහයෝගයෙන් තොරව ද මෝදිගේ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරයක් පවතිනවා.
කෙසේ නමුත්, තෙළිඟු දේසම් පක්ෂ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෝදිගේ රජයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ද තම පක්ෂය සූදානම් බවයි.