Gossips

මෝදිගේ මග යෑමට ඉම්රාන් ඛාන් සූදානමින්

ඉම්රාන් ඛාන්ගේ දිවුරුම්දීමේ උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු සාර්ක් රටවල් නායකයින්ට ආරාධනා කිරීමට ඔහුගේ දේශපාලන පක්ෂයේ අවධානය යොමුව තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේ ඉම්රාන් ඛාන්ගේ ජයග්‍රහණයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දුරකථනයෙන් ඔහුට සුබ පැතුම් ද එක් කර ඇති බවයි.
මෙම ජයග්‍රහණයෙන් ද්වීපාර්ශවික සබදතා සදහා නව පරිච්ඡේදයක් විවෘත වනු ඇති බව මෝදි ප්‍රකාශ කර තිබෙනවා.
ලේ හැලීම් සහ යුදමය කටයුතු ඛේදවාචකයක් බව සිහිපත් කර ඇති ඉම්රාන් ඛාන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ දෙරටේ ගැටලූ සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත යුතු බවයි.
2008 වසරේදී එල්ල වූ මුම්බායි ප්‍රහාරයෙන් පසු ඉන්දු – පාකිස්ථාන සබදතා පළුදු වූ නමුත්, 2015 වසරේ පැවති මහමැතිවරණය ජය ගත් නරේන්ද්‍ර මෝදි සිය දිවුරුම්දීමේ අවස්ථාවට හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ඇතුළු සාර්ක් රටවල නායකයින්ට ආරාධනා කළා.