Gossips

මෝදර වෙඩි තැබීමේ සැකකරුවන්, සී.සී.ටී.වී. දර්ශනවල

මෝදර – මුතුවැල්ල මාවතේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ වෙඩි තැබීම සිදුවූ ස්ථානය ආසන්නයේ ඇති සී.සී.ටී.වී දර්ශන උපයෝගී කර ගන්නා බව පොලීසිය පවසනවා.
මෝදර පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ප්‍රදේශයේ ඇති සී.සී.ටී.වී. දර්ශන කිහිපයක් මේ වන විට පොලීසිය වෙත ගෙන්වා ගෙන ඇති බවයි.
එහි මෙම ඝාතනය සිදුකිරීමට පැමිණි පුද්ගලයින් පැමිණෙන ආකාරය සහ පිටව යන ආකාරය පැහැදිලිව දක්නට ලැබෙන බව එම පොලිස් නිලධාරියා කියා සිටියා.
ඊයේ දහවල් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබුණා.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ 62 හැවිරිදි ගෝපාල් පිල්ලේ බාලචන්ද්‍රන් නැමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා.
ඔහු, පූකුඩුකන්නා නැමැති සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට සම්බන්ධ පුද්ගලයෙකුගේ පියා බවටයි අනාවරණ වුණේ.
මීට පෙර මට්ටක්කුලිය සහ මෝදර යන ප්‍රදේශවල සිදුවූ ඝාතන කිහිපයක් සහ මෙම සිද්ධිය අතර සම්බන්ධයක් ඇති බවට පොලීසිය සැක පළ කරනවා.