කොළඹ – මෝදර – වැල්ල ප්‍රදේශයේ අද(15) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, තුවාල ලබා ඇත්තේ වෙළඳසැලක් ඉදිරිපිට සිටි 47 හැවිරිදි කාන්තාවක්.
වෙඩි තැබීමෙන් පසු මෝටර් රථය පලාගොස් ඇති අතර, කාන්තාවගේ පපුවට සහ එක් පාදයකට ඉන් තුවාල සිදුවී තිබෙනවා.
මෙම කාන්තාව නිවස ඉදිරිපිට පිහිටි වෙළඳසැලේ බැම්මක් මත වාඩිවී සිටියදී 28 හැවිරිදි සැකකරු වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.
පෞද්ගලික ආරවුලක් මත වෙඩි තැබීම සිදුව ඇති බවටයි හෙළිවී ඇත්තේ.
වෙඩි තැබූ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු පොලීසියට ලැබී අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි මෝදර පොලීසිය කියා සිටියේ.
