Gossips

මෝදර මාර්ගයක් තාවකාලිකව වැසේ

ජල නළ එලීමේ කටයුත්තක් හේතුවෙන් මෝදර, මාදම්පිටිය පාර හන්දියේ සිට රජමල්වත්ත හන්දිය දක්වා කොටස අද රාත්‍රී 9 සිට තාවකාලිකව වසා තැබෙනවා.
පොලීසිය පැවසුවේ ලබන සඳුදා රාත්‍රී 10 දක්වා එම මාර්ගය මෙලෙස වසා තැබෙන බවයි.
මේ අනුව මෝදර වීදිය ඔස්සේ කොළඹට ඇතුළු වන වාහන රජමල්වත්ත හන්දියෙන් වමට හරවා අලූත් මාවතට පිවිස ගමන් කළ හැකියි.
එසේම මුතුවැල්ල මාවතෙන් පිටවීම සඳහා පැමිණෙන වාහන කණුව හන්දියෙන් දකුණට ගමන් කර අලූත් මාවත හරහා මාදම්පිටිය හන්දියෙන් වමට හැරී ධාවනය කළ හැකි බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.