Gossips

මෝදර දී තියුණු ආයුධයකින් පහර දී තරුණයෙකු ඝාතනය කරයි

කොළඹ – මෝදර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෝදර – මෙත්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට දී ත්‍රිරෝද රථයකින් යමින් සිටි පුද්ගලයෙකුට ඊයේ (12) රාත්‍රියේ මෙම පහරදීම සිදුකර ඇති බවයි.
අනියම් ප්‍රේම සබඳතාවක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට විශ්වාස කෙරෙන අතර, සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්. ඝාතනය කළ පුද්ගලයින් මේ වන විට හඳුනාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.