Gossips

මෝටර් රථ ලියාපදිංචියේ කැපී පෙනෙන වැඩිවීමක්

රජය මගින් තීරුබදු වැඩිකිරීමක් සිදුකළද, පසුගිය ජූලි මාසයේ මෙරට ලියාපදිංචි කළ මෝටර් රථ සංඛ්‍යාව සියයට 137 කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ජූලි මාසයේදී නව මෝටර් රථ 7,193 ක් ලියාපදිංචි කර ඇති අතර, ලියාපදිංචි කළ මුළු වාහන සංඛ්‍යාව 42,043ක්.
එයද සියයට 7.5 කට ආසන්න වර්ධනයක් ලෙස සැළකිය හැකියි.
බදු වැඩිකිරීමක් සිදුකළද කළින් ඇණවුම් කළ වාහන පැරණි බදු යටතේම ආනයනය කිරීමට රජය අවස්ථාවක් ලබාදුන්නා.
ජූලි මාසයේදී යතුරුපැදි ලියාපදිංචියද 28,662 දක්වා සියයට 6.2 කින් වැඩිවී ඇති අතර, ත්‍රිරෝද රථ ලියාපදිංචිය සියයට 6.3 කින් පහත වැටී තිබෙනවා.
මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව