Gossips

මෝටර් රථ ආනයනයේ වර්ධනය පිළිබද මහබැංකුවේ අවධානය

මෝටර් රථ ආනයනය කැපී පෙනෙන ලෙස වර්ධනය වීම පිළිබඳව ශ්‍රී ලංකා මහබැංකුවේ අවධානය යොමු වී තිබෙනවා.
මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සඳහන් කළේ එමගින් වෙළඳ පරතරය ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.
කෙසේ නමුත්, මෝටර් රථ ආනයනය ඉහළ යාම මගින් ආර්ථිකයේ සක්‍රීයවීමක් ද සලකුණු වනවා.
මේ වසරේ පෙබරවාරි මාසයේදී මෝටර් රථ ආනයනය පෙර වසරට සාපේක්ෂව සියයට 117කින් ඉහළ ගොස් ඇති අතර, පළමු මාස දෙකේදී ඒ සඳහා වැය වී ඇති මුදල ඩොලර් මිලියන 208.8ක්.