Gossips

මෝටර් රථ අනතුරකින් වෛද්‍යවරයෙකු මරුට (ඡායාරූප)

කිළිනොච්චියේ පුනරීන් මාර්ගයේදී ඊයේ (7) සවස සිදුවූ මෝටර් රථ අනතුරකින් වෛද්‍යවරයෙකු මියගොස් තිබෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ යාපනයේ කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි එස්.අරවින්දන් නමැති 41හැවිරිදි මන්නාරම රජයේ රෝහලේ සේවයේ නිරත වෛද්‍යවරයෙක්.
සිය රාජකාරී නිමවූ වෛද්‍යවරයා මෝටර් රථය පදවාගෙන යාපනය -මන්නාරම මාර්ගයේ පැමිණෙමින් සිටියදී මෝටර් රථය පාරෙන් ඉවතට පැන ගසක වැදීමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රදේශවාසීන් විසින් කඩිනමින් අනතුරට පත් වෛද්‍යවරයා මුලංගාවිල් රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුළත් කරණ විටත් ඔහු මිය ගොස් තිබෙනවා.
මුලංගාවිල් පොලීසියයි සිද්ධිය පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ.

(දිනසේන රතුගමගේ / මාධව කුලසූරිය – ඡායාරූප)