Gossips

මෝටර් රථ අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් මරුට (ඡායාරූප)

මහනුවර යාපනය මාර්ගයේ නිල්දිය උයන ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ තවත් පොලිස් නිලධාරියෙකු සහ මෝටර් රථයේ ගමන්කළ සිව් දෙනෙකු මාතලේ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් මියගොස් ඇත්තේ 49 හැවිරිදි මාතලේ තිත්තවැල්ලගොඩ ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙක්.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද (19) සිදුකිරීමට නියමිත අතර මාතලේ පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ.

ඡායාරූප – මාතලේ, රවින්ද්‍ර විරාජ් / දඹුල්ල, කාංචන කුමාර