Gossips

මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙක් මරුට

පොලොන්නරුව බකමූණ ගිරිතලේ මාර්ගයේ 13 කනුව ආසන්නයේ අද (13) සිදු වූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ දිග්ගල්පිටිය අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
මංගල සාදයකට ගොස් නැවත සිය නිවස බලා එමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ සිටි තවත් පුද්ගලයෙක් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන සියඹලා ගසක වැදී අනතුර සිදුව ඇති බවටයි සැකපළකරන්නේ.
බකමූණ පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.