Gossips

මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නොච්චියාගම – හල්මිල්ලකුලම වැව් බැම්ම මතදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නොච්චියාගම පොලීස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමකදීයි.
සැකකරුවන් වයස අවුරුදු 30 ක සහ 40 හැවිරිදි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මොවුන් සන්තකයේ තිබී ගංජා කිලෝ 5 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර, අද තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.rn