Gossips

මෝටර් රථයක් කොත්මලේ ඔයට පෙරළීමෙන් මියගිය අයගේ අනන්‍යතාව හෙළිවෙයි

ලිඳුල – තලවකැලේ මාර්ගයේ බෙයාවිල් ප්‍රදේශයේදී මෝටර් රථයක් කොත්මලා ඔයට පෙරළීමෙන් මියගිය 24 හැවිරිදි තරුණියගේ සහ 35 හැවිරිදි පුද්ගලයාගේ අනන්‍යතාව හෙළිවී තිබෙනවා.
ඔවුන් ගම්පහ විවිධ සේවා සමූපකාර සමිතියේ සේවය කරන්නන් වන අතර, මියගිය පුද්ගලයා ගම්පහ – යක්කල ප්‍රදේ්ශයේ දෙදරු පියෙකු බවට හඳුනාගෙන තිබෙනවා.
තරුණිය ගම්පහ – නැදුන්ගමුව ප්‍රදේශයේ පදිංචි අවිවාහක තරුණියක්.
මෝටර් රථය මියගිය කාන්තාවගේ නමට ලියාපදිිංචි කර ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී තරුණිය විසින් එය පදවා ඇති බවට හෙළිවී තිබෙනවා.
ඇය පෙරේදා නිවසින් පැමිණ ඇත්තේ අවමංගල උත්සවයකට සහභාගිවීමට යන බව පවසමින්.
අනතුරට හේතුව මෙතෙක් හෙළිවී නැහැ.