Gossips

මෝටර් රථයක් ඔරලෝසු කණුවක ගැටී පුද්ගලයෙකු මරුට

අනුරාධපුරය – තිරප්පනේ මාර්ගයේ ගල්කුලම වටරවුමේ පිහිටි ඔරලෝසු කණුවේ මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අද අලූයම සිදුවූ මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයෙකු සහ රියදුරා තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර, එම අවස්ථාවේ එහි සිටි 35 හැවිරිදි පුද්ගලයා මියගොස් ඇති බව සඳහන්.
මෙලෙස මියගොස් ඇත්තේ අවුකන – ජයමාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.