Gossips

මෝටර් රථයක් අනතුරට ලක්වන අයුරු CCTV කැමරාවක සටහන් වෙයි

අම්බලන්තොට හුංගම ඇත්බටුව විද්‍යාලය ආසන්නයේදී ඊයේ (28) රාත්‍රී මෝටර් රථයක් අනතුරට ලක්වී තිබෙනවා.
ඊයේ රාත්‍රී 11.15 ට පමණ අනතුර සිදුවී ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.
අනතුරට ලක්වන මෝටර් රථය මාර්ගය අසල පෙරලී යන අතර ටික වේලාවකට පසුව එහි රියදුරා මෝටර් රථයෙන් පිටතට පැමිණෙන ආකාරය අසල වෙළඳසැලක සවිකර තිබු CCTV කැමරාවක පටිගත වී තිබෙනවා.
මෙම මෝටර් රථය එම ප්‍රදේශයේම පදිංචි පාසල් ගුරුවරයෙකුට අයත් එකක් බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.