Gossips

මොළයේ සිදු කළ විශ්මිත සැත්කම

ඉන්දියාවේ මුම්බායි නුවර රෝහලකදී විශ්මිත සැත්කමක් සිදුව ඇතැයි විදෙස් පුවත් සේවා අනාවරණ කරනනවා.
පසුගිය 14 වනදා මෙම සැත්කම සිදුකර ඇත්තේ 31 හැවිරිදි පුද්ගලයෙකුගේ මොළයේ තිබු ගෙඩියක් සාර්ථකව ඉවත් කිරීමයි.
පැය 7 ක් පුරා සිදුකළ ශල්‍යකර්මයෙන් ඉවත් කෙරුනු ගෙඩියෙහි බර කිලෝග්‍රෑම් 1.8 ක් වූ බව සඳහන්.
එය ලොව මෙතෙක් හමුවූ මොළයේ පැවති විශාලතම ගෙඩිය ලෙසටයි සැලකෙන්නේ.
කෙසේවෙතත් සැත්කම සිදුවූ ආකාරය පිළිබඳ වෛද්‍යවරුන් මෙතෙක් අනාවරණ කර නැහැ.
සැත්කම සාර්ථක ද යන්න මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කිරීමට නොහැකි බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.
කෙසේවෙතත් රෝගියා අවදානම් තත්වයක නොමැති අතර සුව අතට පත්වීමේ ප්‍රමාදයක් පමණක් පවතින බව වෛද්‍යවරුන් පෙන්වාදී තිබෙනවා.
මීට වසර 3 කට පමණ පෙර මෙම පුද්ගලයාගේ මොළයේ ගෙඩියක් හටගෙන ඇති අතර එය හිසෙන් පිටතට ද නෙරා විත් තිබුනා.
එහි බලපෑම මත ඔහුගේ ඇස් පෙනීම ද අහිමිව තිබු බවයි හෙළිවී ඇත්තේ.
කෙසේවෙතත් ශල්‍යකර්මයෙන් පසු යළිත් පෙනීම ලැබෙනු ඇතැයි වෛද්‍යවරුන් විශ්වාසය පළකරනවා.