Gossips

මොහොමඩ් සිද්ධික් ඇතුලූ 5 ක් නිදොස් කොට නිදහස් කෙරේ

ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වූ මහා පරිමාණ ජාවාරම්කරුවෙකු වූ මොහොමඞ් සිද්ධික් ඇතුළු 05 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද නියෝග කළා.
හෙරොයින් ග්‍රෑම් 8.13ක ප්‍රමාණයක් ලඟ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මොහුට විරුද්ධව චෝදනා එල්ල වුණා.
කෙසේ වෙතත් මෙම නඩුව විභාගයට ගනිමින් මොවුන්ට එරෙහිව පැමිණිල්ලේ සාක්ෂි පරස්පර විරෝධි බව පවසා විත්තිකරුවන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටයි විනිසුරුවරයා නියෝග කළේ.