පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අබ්බාස් ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන්ගේ වර්ගීකරණයේ ස්ථාන 11ක් ඉදිරියට පැමිණෙමින් තෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
ඒ, ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව අවසන් වූ ටෙස්ට් තරඟාවලියේදී කඩුලු 17ක් දවා ගනිමින් දැක්වූ දක්ෂතාවය හේතුවෙන්.
මේ වන විට ටෙස්ට් පන්දු යවන්නන් අතර පළමු ස්ථානයේ එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් සහ දකුණු අප්‍රිකාවේ කගිසෝ රබාඩා එහි දෙවන ස්ථානයේ පසුවනවා.
