Gossips

මොහොමඞ් බින් සල්මාන් කුමරු පාකිස්තානයේ සංචාරයකට සැරසෙයි

මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම නිසා මෑතකදී ඉමහත් ආන්දෝලනයකට ලක්වූ සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පාකිස්තානයේ සංචාරයකට සැරසෙනවා.
මේ සතියේ ඔහු එහි චාරිකා කරන අතර ආරක්ෂක හේතූන් මත නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කර නැහැ.
එම දෙදින චාරිකාවේදී පාකිස්තානයේ දැවැන්ත ආයෝජන රැසක් සඳහා සල්මාන් කුමරු අත්සන් තබනු ඇති.
ඔහුගේ චාරිකාවට පෙරම කිරුළ හිමි කුමරුගේ පෞද්ගලික පරිහරණය සඳහා වූ ගෘහභාණ්ඩ, ව්‍යායාම් උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් ට්‍රක් රථ 5කින් පාකිස්තානයට රැගෙන ආ බව සඳහන්.