Gossips

මොහාන් පීරිස්ට එරෙහි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අල්ලස් නඩුව විභාගයට අතුරු තහනමක්

හිටපු නීතිපති මොහාන් පීරිස්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩුව විභාග කිරීම අත්හිටුවාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අල්ලස් කොමිසම විසින් ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ද නඩුවක් ගොනු කර ඇති අතර, එය විභාග කර අවසන් කරන තුරු එම අතුරු තහනම බලපැවැත්වෙනු ඇති.
හිටපු නීතිපතිවරයා විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස සිදුකළ ඉල්ලීමක් සලකා බලමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.