Gossips

මොරවක නෙළුව මාර්ගයේ ගමනාගමනයට බාධා

නෙළුව මැදගම ප්‍රදේශයේදී මොරවක නෙළුව ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අද සවස ඇතිවූ දැඩි වර්ෂාවත් සමග මෙම ගස කඩා වැටී ඇති බවයි.
මාර්ගය යථා තත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය රියදුරන්ට දැනුම්දෙන්නේ.