මොරටුව මහ නගර සභාවේ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හතරදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතවෙමින් ආණ්ඩු පක්ෂයේ අසුන්ගෙන තිබෙනවා.
අද පැවති මාසික මහ සභා රැස්වීමේදී ප්‍රකාශයක් සිදුරමින් ඔවුන් ආණ්ඩු පක්ෂයේ අසුන් ගත් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිවූ මොරටුව මහ නගර සභාවේ මේ වසරේ පළමු මහ සභා රැස්වීම අද පෙරවරුවේ ආරම්භ වූයේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන්.
නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හතරදෙනා ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමත් සමඟ එහි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 27 ක් වනවා.
ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 20 ක් දක්වා අඩු වී ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.