Politics Sri Lanka

මොරටුව මහා ශිෂ්‍ය සංගමයෙන් අලුත් වැඩක්

මොරටුව මහා ශිෂ්‍ය සංගමයෙන් අලුත් වැඩක්

මොරටුව මහා ශිෂ්‍ය සංගමය මගින් අලුත් ආරක කලා උළෙලක් සංවිධානය කර තිබේ.

සෞන්දර්යයේ නවමු අත්දැකීමක් ලබා දීමේ අරමුණෙන් “පුරඹර වැස්ස” නමින් පළමු වරට සංවිධානය කර ඇති මෙම කලා උළෙල හෙට (28) සහ මාර්තු 1, 2 යන තෙදින තුළ ක්‍රියාත්මක වීමට නියමිතය.

ඒ අනුව හෙට (28) දින මහරගම අපේක්ෂා රෝහලට ආධාර පිණිස දෙහිවල සිට විහාරමහාදේවී උද්‍යානය දක්වා පාගමනක් සංවිධානය කර ඇත.

එමෙන්ම මාර්තු 01 දින ජායාරූප හා චිත්‍ර ප්‍රදර්ශන සහ ශිෂ්‍ය කුසලතා එළිදැක්වීම සිදු වන අතර ඊට සමගාමීව විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ජායාරූප හා නාට්‍ය වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

මාර්තු 02වනදා සංගීතවේදී නදීක ගුරුගේ, ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ, “නාද” වාද්‍ය වෘන්දය හා නාරද බක්මීවැව සමග සංවාදාත්මක සංගීත සන්ධ්‍යාවක් පැවැත්වීමට කටයුතු කර ඇත.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමින්ද කිත්සිරි මහතාගේ අධීක්ෂණය යටතේ මෙහි සංවිධාන කටයුතු සිදු කෙරෙන අතර අපේක්ෂා රෝහලට ලබා දෙන ඔබේ ආධාර මුදල් ලංකා බැංකුවේ කටුබැද්ද ශාඛාවේ 80280391 යන ගිණුම් අංකයට මහා ශිෂ්‍ය සංගමය, මොරටුව විශ්ව විද්‍යාල යන නමට බැර කළ හැකි බවද මෙහි වැඩිදුර විස්තර අකිල 0712892252, දිලුක 0712611882 සහ අචින්ත 0771527666 යන අයගෙන් ලබා ගත හැකි බවද මහා ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.