මොරටුව විල්ලෝරවත්ත ප්‍රදේශයේ කාණුවක තිබි පුද්ගල මලසිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
අද උදෑසන ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුවයි මෙම මලසිරුර සොයාගෙන ඇත්තේ.
මෙලෙස මියගොස් තිබෙන්නේ මොරටුව මොල්පේ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදී අවිවාහක පුද්ගලයෙක්.
මියගිය පුද්ගලයාගේ ඥාතීන් පවසන්නේ මෙම මරණය සැක සහිත බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මොරටුමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
