Gossips

මොරටුවේදී සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ මොරටුව – එගොඩඋයන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එගොඩඋයන සිට පානදුර දෙසට ධාවනය වූ යතුරුපැදියක මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකු ගැටීමෙන් ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පදිකයා සහ යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා පානදුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පසුව 48 හැවිරිදි මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයා සහ 21 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වුණා.