Gossips

මොරගහහේන බැංකුවක් බිඳ පතොරම් තුවක්කු දෙකක් සොරකම් කරයි

මොරගහහේන – ගෝනපල හන්දියේ පිහිටි රාජ්‍ය බැංකුවක් බිඳ එහි තිබූ පතොරම් තුවක්කු දෙකක් සොරකම් කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසනවා.
ඊයේ රාත්‍රියේ මෙම සොරකම සිදුව ඇති අතර, සැකකරුවන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ කරගෙන නැහැ.
සිද්ධිය වන අවස්ථාවේ එම බැංකුවේ ආරක්ෂක නිලධාරියෙකු සිට නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලීසිය කණ්ඩායම් කිහිපයක් යොදවා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.