හොරණ,මොරගහහේන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එක හමාරකට අධික තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 4 වැනිදා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරිම්වලදී ඔහුගේ නිවසේ තිබී මේ හෙරොයින් තොගය සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
ඊයේ (10) සවස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරි විසින් සැකකරුගේ නිවස පරික්ෂා කිරිමේදී යකඩ සේප්පුවක සඟවා තිබූ හෙරොයින් සමඟ රත්‍රං ග්‍රෑම් 493යි මිලිග්‍රෑම් 63ක් සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
