මොරගහකන්ද ජලාශය, කුලසිංහ ජලාශය ලෙස නම් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණා.
මෙරට අනන්‍ය වූ නව තාක්ෂණික ඉදිකිරීම් ක්‍රම නිර්මාණය කළ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ ඉංජිනේරුවාණන් සිහිපත් කිරීම සඳහා ඔහුගේ නමින් මෙම ජලාශය නම් කර තිබෙනවා.
මේ අතර මොරගහකන්ද – කළු ගග ව්‍යෘපෘතිය මගින් මෙගාවොට් 25 ක විදුලිබල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමද ජනාධිපතිවරයා අතින් අද සිදු කෙරුණු අතර, මොරගහකන්ද වේල්ලේ කෙළවර නෙළන ලද අඩි 27 ක් උසැති ශෛලමය අවුකන බුදු පිළිමයේ අනුරුව වන්දනාමාන කිරීම සඳහා නිරාවරණය කිරීමද සිදු කෙරුණේ ජනාධිපතිවරයා අතින්.
මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘතියෙහි කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍ය සහ මොරගහකන්ද කළුගඟ ජලාශ සම්බන්ධ කෙරෙන කිලෝමීටර 9 ක් දිග උමඟ සහිත ඇළ මාර්ගයේ ඉදිකිරීම් කටයුතුද ජනාධිපතිවරයා අතින් අද සිදුකිරීමට නියමිතයි.
