Gossips

මොරගහකන්දේ වාන් දොරටු විවෘත කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

දශක 04 කට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද – කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය පිටාර මට්ටමට ළඟා වී ඇති බැවින්, එහි වාන් දොරටු විවෘත කිරීම අද සිදු කෙරෙනවා.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
මොරගහකන්ද ජලාශයේ රන් දියවර මුදාහැරීම පසුගිය ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර, ඉතා කෙටි කාලයකින් ජලාශය පිටාර මට්ටමට පැමිණීමත් සමඟ එහි වාන් දොරටු විවෘත කෙරෙන පළමු අවස්ථාවද මෙයයි.
එහිදී ජනාධිපතිවරයා ජලාශ ව්‍යාපෘති පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවද නිරතවීමටද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ 2007 වසරේදීයි.
ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීමෙන් 2015 වසරේ සිට එහි ඉදිකිරීම් කඩිනම් කිරීමට පියවර ගත්තා.
මොරගහකන්ද ජලාශයේ සමස්ත ජල ධාරිතාවය අක්කර අඩි හාරලක්ෂ 60,000 ක්.
ඉන් කුඹුරු අක්කර 80,000 කට වැඩි ප්‍රමාණයක් අස්වැද්දීමට නියමිතයි.
එමෙන්ම, පවුල් ලක්ෂ 03 කට වැඩි පිරිසකට පානීය ජල පහසුකම්ද සැපයෙනවා.
ජලාශය මඟින් විදුලිය නිපදවීමද සිදුවන අතර, වාර්ෂිකව විදුලිබල පද්ධතියට ඉන් එක්වන විදුලි ප්‍රමාණය මෙගා වොට් 25 ක්.