Gossips

මොරගහකන්දේ වාන්දොරටු ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ (ඡායාරූප)

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
දශක 4 කට පසු මෙරට ඉදිවු විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද – කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය පිටාර මට්ටමට පැමිණ තිබුණා.
ඒ අනුව, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එහි වාන්දොරටු 5 ක් අද විවෘත කෙරුණු බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ නිරික්ෂණ චාරිකාවකටද එක්වුණා.
මෙම ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 4 ලක්ෂ 60 000 ක් වන අතර, ඉන් කුඹුරු අක්කර 82 000 අස්වැද්දිමට නියමිතයි.
මෙම ව්‍යාපෘතිය යටතේ උතුරු මැද ,වයඹ සහ නැගෙනහිර පළාත් ආවරණය කරමින් ලොකු කුඩා වැව් 2000 කට පමණ දියවර සැපයෙනු ඇති.

(ඡායාරූප – දඹුල්ල කාංචන කුමාර ආරියදාස)