Gossips

මොණරාගල හේනක තිබී මියගිය වන අලියෙකුගේ සිරුරක් හමුවෙයි

මොණරාගල – මාළිගාවිල – නියඳැල්ල ප්‍රදේශයේ හේනක තිබී මියගිය වන අලියෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.
මොණරාගල – ගල්ගේ වනජීවී කාර්යාලය සඳහන් කළේ එම වන අලියා වගාවක ආරක්ෂාව සඳහා යොදා තිබූ විදුලි රැහැනකින් විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව මරණ පරීක්ෂණයේදී අනාවරණ වූ බවයි.
මෙම වන අලියාගේ වයස අවුරුදු 30 ත් 35 ත් අතර වන බව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළා.