Gossips

මොණරාගල හදිසි වැටලිමකින් සැකකරුවන් 328ක් අත්අඩංගුවට

මොණරාගල – පොලිස් ස්ථාන දහඅටක් ආවරණය වන පරිදි ඊයේ (25) රාත්‍රියේ සිදුකල හදිසි වැටලීමකදි පුද්ගලයින් 328 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 113 ක්, වරෙන්තුකරුවන් 12 ක්, නීතිවිරෝධී මත්පැන් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 10 දෙනෙකු, ඒ අතර සිටින බවයි පොලීසිය කියා සිටියේ.
මෙම මෙහෙයුම සඳහා මොණරාගල කොට්ඨාශයේ පොලිස් ස්ථානවල සේවය කරන නිලධාරින් 356 දෙනෙකු සහභාගිවී තිබෙනවා.