මොණරාගල – මැදගම ජාතික පාසලේ සිසුන් පිරිසක් හදිසියේ ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
එම පාසලේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙලෙස රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
මේ පිලිබදව අප මැදගම රෝහලෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශිකාවක කියා සිටියේ රෝගී වූ සිසුන් 13 දෙනෙකු මේ වනවිට නේවාසිකාව ප්‍රතිකාර ලබන බවයි.
ඔවුන් ශරීරයේ කැසීම, පළු දැමීම වැනි රෝග ලක්ෂණවලින් පෙලෙන බවයි ඇය කියා සිටියේ.
ආහාර විෂවීමක් මෙලෙස ඔවුන් රෝගීවීමට හේතුවන්නට ඇතැයි රෝහල් බලධාරින් සැක පළ කරනවා.
