මොණරාගල – වැල්ලවාය – ආනපල්ලම කණිෂ්ඨ විද්‍යාලයට අද (18) උදෑසන වන අලියෙකු කඩා වැදී තිබෙනවා.
ඊයේ (17) රාත්‍රියේ මෙම වන අලියා අලි වැට කඩා බිද දමමින් ගම්වැදී ඇති අතර, අද උදෑසන පාසලට කඩා වදින අවස්ථාවේ සිසුන් කිහිප දෙනෙකු ක්‍රීඩා පුහුණුවීම්වල නිරත සිට ඇති බවයි වාර්තා වන්නේ.
එම සිසුන් පන්ති කාමර වෙත දිව ගොස් ඇති අතර, එම නිසා කිසිවෙකුටත් හානි සිදුව නැහැ.
ඡායාරූප – වැල්ලවාය, ජයන්ත වීරසේකර
