මොණරාගල – හොරොම්බුව – සුදුවතුර ආර මාර්ගයේ කැළෑබද ප්‍රදේශයකදී කැබ් රථයක් ගිනිගෙන ඒ තුළ සිටි පුද්ගලයෙකු පිළිස්සී මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ 50 හැවිරිදි මොණරාගල – හුලංදාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහු ඊයේ පස්වරුවේ සිය බිරිඳ සමඟ ආරවුලක් ඇති කරගෙන කැබ් රථයේ නැගී නිවසින් පිටව ගොස් ඇති බවට විමර්ශනවලදී හෙළි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මෝටර් රථය තුළ පිළිස්සී මිය ගොස් සිටි ඔහුගේ සිරුර සොයාගෙන ඇත්තේ අද අලුයම් කාලයේදියි.
