මෙරට විශාලතම පැණි දොඩම් වගා කලාපය බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අක්කර 2200 කින් යුත් මෙම වගා බිම තුළ බිබිලේ ස්වීට්ස් නමැති පැණි දොඩම් විශේෂයේ පැළ 85,000 ක් සිටුවීමට නියමිතයි.
මෙමඟින් පළමු වසර තුල පැණි දොඩම් කිලෝ මිලියන 15ක අස්වැන්නක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
