මොණරාගල – බටුගම්මන ප්රදේශයේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තුන්දෙනෙකු පොලීසිය ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සන්තකයේ තිබී සොයා ගත් හෙරොයින් ප්රමාණය මිලිග්රෑම් 240 ක් වන බවයි පොලීසිය සඳහන් කළේ.
අවුරුදු 26ත් 30 ත් අතර වයස්වල පසුවන මොවුන් බටුගම්මන ප්රදේශයේ පදිංචිකරුවන්.
