Gossips

මොණරාගලදී ගැටුණු චීන ජාතිකයෝ

මොණරාගල, කුඹුක්කන ප්‍රදේශයේ අලුතින් ඉදිවන තාප විදුලි බලාගාරයක සේවය කරමින් සිටි චීන ජාතිකයින් දෙදෙනෙකු අතර ඊයේ (13) රාත්‍රියේ ගැටුමක් ඇතිව තිබෙනවා.
එම ගැටුමෙන් එක් චීන ජාතිකයෙකු බරපතළ තුවාල ලබා මොණරාගල මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය පවසන්නේ තුවාල ලැබූ තැනැත්තා වයස අවුරුදු විසිපහක පුද්ගලයෙකු බවයි.
මොවුන් දෙදෙනා රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී සිදුවූ බහින් බස් වීමක් දුර දිග ගොස් මෙම ගැටුම ඇති වී ඇති බවයි මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ.
පහරදීම සිදුකළ අනෙක් චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොණරාගල පොලිසිය සිදුකරනු ලබනවා.