Gossips

මෛත්‍රී ගුණරත්න පොලිස් අත්අඩංගුවට

නීති විරෝධී ගිනි අවි දෙකක් සමග එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිළිමතලාව ඌරාපොල හංදිය අසල සැක කටයුතු ජීප් රථයක් නවතා ඇති බවට කඩුගන්නාව පොලිසියට අද පස්වරු 1.50 ට පමණ තොරතුරක් ලැබී තිබුනා.
ඒ අනුව පොලිසියට එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී ජිප් රථයේ තිබී ගිනි අවි දෙකක් සහ උණ්ඩ 10 ක් සොයාගෙන තිබෙනවා.
එම අවස්ථාවේ ජිප් රථය පැදවූ මෛත්‍රී ගුණරත්න ඉදිරිපත් වී ඇති අතර ගිනි අවිවලට අදාළ බලපත්‍ර ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියාසිටියේ.
සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කඩුගන්නාව පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.