Gossips

මේ වසරේ දෙවන කාර්තුවේ ඇතැම් ක්‍ෂේත්‍රවල ආර්ථික ක්‍රියාකාරකම් පහළට

පසුගිය වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව මේ වසරේ දෙවන කාර්තුවේදී තේ, රබර්, පොල් සහ කරදිය ධීවර යන ක්‍ෂේත්‍රවල ආර්ථික ක්‍රියාකාරකම් පහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව තේ සියයට 7යි දශම එකකින් ද රබර් සියයට 11යි දශම 9කින්ද කරදිය ධීවර කටයුතු සියයට බිංදුවයි දශම 5කින්ද පහළ වැටී ඇති බවයි ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.