Gossips

මේ වසරේ ජල ගාස්තුවේ වැඩිවීමක් නැහැ

ජල ගාස්තුව ඉහළ දැමීමට අවශ්‍ය වුවත් මේ වසරේදී එහි වැඩිවීමක් සිදුනොවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ගත වූ වසර 5 තුළ ජල ගාස්තු වැඩි නොකිරීම නිසා නිෂ්පාදන පිරිවැය මේ වනවිට සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි එහි සභාපති කේ.ඒ. අන්සාර් ප්‍රකාශ කළේ.
දැනට ජල ලීටර් 1000 ක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 48 ක මුදලක් වැය වනවා.
නමුත් ජනතාවට ජල ලීටර් 1000 ක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 12 ක් වැනි සුළු මුදලකටයි.
කෙසේ වෙතත්, පාඩු පිට හෝ එම පිරිවැය දරා ගනිමින් ජනතාවට ජලය ලබාදීමට පියවර ගන්නා බවයි ජලසම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.