Gossips

මේජර් ජනරාල් ජානක පෙරේරා ඝාතන නඩුව මැයි 2 ට කල් යයි

මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව ලබන මැයි දෙවනදා යළි විභාගයට ගැනීමට නියමිතයි.
අදාළ නඩුව අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු සහ ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති ඉදිරියේ අද කැදවූ අතර, එහිදීයි විනිසුරුවරිය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
ඒ අනුව, නඩුවේ ප්‍රධාන විත්තිකරු වන උමාර් හබ්තාබි නමැත්තා එදින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද විනිසුරුවරිය නියෝග කර තිබෙනවා.