මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනෙකු බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව ලබන අප්‍රේල් මස 5 වන දින යළි කැඳවීමට අනුරාධපුර විශේෂ මහාධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ ඊට අදාළ නඩුව අද අනුරාධපුර අංක – 2 මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී නඩුවේ ප්‍රධාන විත්තිකාර උමාර් හබ්තාබ් නමැත්තා අප්‍රේල් මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ. අදාළ නඩුව විශේෂ නඩු කටයුත්තක් සේ සලකා විභාග වනවා.
