Gossips

මේජර් අජිත් ප්‍රසන්නගෙන් ආණ්ඩුවට චෝදනාවක්

මරණ දඩුවම නියම වී සිටින රණවිරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය අද අවසන් කෙරුණා.
ඒ, ඔවුන් විරෝධතා පාගමනින් කොළඹ නිදහස් චතුරස්‍රය වෙත පැමිණිමෙන් අනතුරුවයි.
මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී එම සත්‍යග්‍රහය ආරම්භ කරනු ලැබුවේ මීට දින 4 කට පෙරයි.